රාගම රෝහලෙන් මළසිරුරක් අතුරුදන් වෙයි

0
Death Body Missing Case in Ragama Hospital - රාගම රෝහලෙන් මළසිරුරක් අතුරුදන් වෙයි

රාගම රෝහල වෙත නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා, රෝහල්ගත කර සිටි
වයෝවෘද්ධ කාන්තාවක්, මිය යෑමෙන් පසුව, ඇයගේ සිරුර අතුරුදහන් වී ඇති බවට
පැමිණිලි ලැබී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

ඇය වත්තල, හුණුපිටිය, රාහුල මාවතේ පදිංචි, අලගේසන් ශිවගාමී නැමැති 71 හැවිරිදි
කාන්තාවක්.

ඇය ඉකුත් 12 වන දින නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා රාගම රෝහලේ
කොරෝනා ආසාදිතයන් ප්‍රතිකාර ලබන 30 වැනි වාට්ටුවට ඇතුළත් කර තිබෙනවා.

ඉන්පසුව පෙරේදා (13) ඇයගේ පුතුන් ඇය බැලීමට රෝහලට ගිය විට, ඇය මිය ගොස් ඇති බව
රෝහල් බලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.

පසුව ඇයගේ මළසිරුර භාර ගැනීමට පැමිණ සිටි පුතුන්, රෝහල් මෘත ශරීරාගාරය වෙත
කැදවා, මළසිරුරක් භාර දීමට සූදානම් වුවද, එය තම මෑණියන්ගේ නොවන බව පවසා,
ඔවුන් එම මළසිරුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව රෝහල් බලධාරීන් පෙරේදා (13) දින නිදහස් කළ මළසිරුරු කීපයක භාරකරුවන්
රෝහල වෙත ගෙන්වා මෙසේ මිය ගොස් ඇති කාන්තාවගේ මළසිරුර සොයා ගැනීමට දැඩි
වෙහෙසක් ගෙන තිබෙනවා.

එහෙත් මේ වනවිට එම මළසිරුර සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

එනිසා මෙසේ මිය ගිය කාන්තාවගේ පුතුන් මේ පිළිබඳව පැමිණිළි කිරීමට රාගම සහ
කිරිබත්ගොඩ පොලීසි වෙත ගොස් ඇති අතර එම පොලීසි මෙම පැමිණිල්ල භාර ගැනීම
ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම පසුබිම යටතේ මිය ගොස් ඇති කාන්තාවගේ මළසිරුර සොයා ගැනීමට නොහැකිව
ඇයගේ පුතුන් බලවත් සේ අසරණ වී සිටිනවා.