කොවිඩ් රෝගීන්ට හුස්ම ගැනීම පහසු කරන ඉරියව් කිහිපයක්

0
Breathing Exercise for Covid Patiants - කොවිඩ් රෝගීන්ට හුස්ම ගැනීම පහසු කරන ඉරියව් කිහිපයක්
කොවිඩ් ආසාදිතයෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවය පවතින්නේ නම් ඔවුන්ට හුස්ම ගැනීමට පහසු කරවන ඉරියව් කිහිපයක් ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දක්වමින් මේ බව සඳහන් කර තිබේ.එම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

නිවසේ රැඳී ප්‍රතිකාර ලැබීමේ දී රෝග ලක්ෂණ උත්සන්න වීම කලින්ම හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත් වනවා. විවේකීව සිටියදී හෝ සුළු මහන්සි වීමකින් පසුව හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ හතියක් ඇතිවීම මෙහි දී, වහාම රෝහල්ගත වීමට හේතුවක් සේ සැලකෙනවා. එමෙන්ම රුධිරයේ ඔක්සිජන් මට්ටම විවේකීව සිටියදී හෝ සුළු මහන්සි වීමකින් පසු 96% කට වඩා අඩු වේ නම් එයත් තව දුරටත් නිවසේ රැඳී සිටීමට සුදුසු තත්වයක් නොවේ.

යම්කිසි කෙනෙක් නිවෙස් ගත COVID-19 ප්‍රතිකාර සම්බන්ධීකරණ පද්ධතියෙහි ලියාපදිංචි වීමෙන් පසුව මෙවන් තත්ත්වයක් ඇති වුවහොත් වහාම අදාල වෛද්‍ය කණ්ඩායමට දැනුම් දිය යුතුයි. ඉන්පසුව එම වෛද්‍ය කණ්ඩායම විසින් විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම රෝගියා වහාම රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙනවා ඇත.

එසේ රෝහලකට ඇතුල් කිරීම සම්බන්ධීකරණය කිරීමට ගත වන කාලය ඇතුළත හුස්ම ගැනීමේ අපහසුතාවය පවතින්නේ නම් රෝගියා හට පහත ආකාරයට ඉරියව් වෙනස් කිරීමෙන් එම හුස්ම ගැනීමේ අපහසුතාව යම් දුරකට අවම කරගන්න පුළුවන්.

මෙම රූප සටහනේ දැක්වෙන ආකාරයට සෑම පැය 2 කට වරක්ම ස්ථානගත වීමෙන් මෙම අපහසුතාවය අවම කරගැනීමට පුළුවන්.

* විනාඩි 20-30 මුනින් අතට ( ගර්භනී කාන්තාවන් හා ස්ථුල පුද්ගලයන් විසින් මෙම ඉරියව්ව මග හැරිය යුතු වේ)
* විනාඩි 20-30 දකුණු ඇලයට


* විනාඩි 20-30 වාඩි වී


* විනාඩි 20-30 වම් ඇලයට


මෙය ලොව පුරා COVID – 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වල හුස්ම ගැනීමේ අපහසුතාව අවම කරගැනීමට භාවිතා වන එක් සරළ උපක්‍රමයක්.

එහෙත් මෙහිදී තදින් ම අවධාරණය කළ යුතු සහ වඩාත්ම වැදගත් කාරණය වන්නේ හැකි ඉක්මනින් ම මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් ලැබෙන උපදෙස් වලට අනුකූලව රෝහල් ගත වීමට කටයුතු කිරීමයි.