කොවිඩ් ජයගෙන අප පරාජය වුණා – විජේදාස ජනපතිට කියයි

0
Wijedasa Rajapaksa Letter to Gotabaya Rajapaksa : කොවිඩ් ජයගෙන අප පරාජය වුණා - විජේදාස ජනපතිට කියයි

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් පවසන්නේ, කෝවිඩ් 19 පළමු රැල්ල සාර්ථකව මැඩ පැවැත්වීමට මූලිකත්වය ගත් වෛද්‍ය විශේෂඥයින් කිසිවෙකු දෙවැනි රැල්ල එන අවස්ථාවේ සෞඛ්‍ය අංශයේ නොසිටි බවය.

එහි ප්‍රතිඵලය වූයේ, කොවිඩ් දිනා අප පරාජයවීම බව රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

වසංගතය රට තුළ ව්‍යාප්ත වී තිබියදී වසංගතයෙන් උතුරා ගිය යුක්‍රේනයෙන් සංචාරකයින් ගෙන්වීමට ගත් තීරණයේ ප්‍රතිඵලය ද ඔහු සිය ලිපියෙන් ජනාධිපතිවරයාට සිහිපත් කර තිබේ.

”ඔබගේ ඥාතියා වෙන වීරතුංග සංචාරක බුබුළු ගෙනාවා”

විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ, 2020 ඔක්තෝබර් 15වැනි දින රට වසන ලෙස වසංගත රෝග විශේෂඥයින් උපදෙස් දී තිබියදී වඩා වටින 20 සම්මත කර රට වැසුවේ 26 වැනි දා බවය.

ඒ, වනවිට දින 11 ක් ප්‍රමාද වී තිබූ බව ඔහු සිය ලිපියේ සිහිපත් කර ඇත.

විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ, තුන්වෙනි රැල්ලත් සමග අප්‍රේල් 08 වැනිදා සිට 22 වැනිදා දක්වා රට වසන ලෙස විශේෂඥයින් කළ ඉල්ලීමද නොතකා කටයුතු කර මැයි 05 වැනිදා කොළඹ වරාය නගරය චීනයට විකුණන පනත සම්මත කරන තෙක් රට නොවසන තීරණයේ සිටි බවය.

මේවායේ ප්‍රතිඵලයක් ලෙස වසංගතය රටම ගිලගත් බව පෙන්වා දෙන විජයදාස රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයාට යැවූ සිය ලිපියේ සඳහන් කර ඇත්තේ, ජනතාව ඔබ ෆේල් කියපු එකේ තියෙන වරද තේරුම් ගැනීම අපහසු බවය.

(newsfirst.lk වෙබ් අඩවිය ඇසුරිනි)