අද කොවිඩ් ආසාදිතයින් ගණන 3100 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 3100 ඉක්මවයි
අද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 770 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3152 ක් වේ.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 348,270ක් දක්වා ඉහල ගොස් ඇත.

කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 2,329 දෙනකු සුවය ලබා අද (13) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 304,784කි.

Today Recoveries

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 155ක් ඊයේ (12) දින තහවුරු කර තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.