තවත් කොරෝනා මරණ 155ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොරෝනා මරණ 155ක් වාර්තා වෙයි
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 155ක් ඊයේ (12) දින තහවුරු කර තිබෙනවා.

ඒ අතර පිරිමි පුද්ගලයන් 85ක් සහ කාන්තාවන් 75ක් වනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5775ක් ලෙසටයි.

වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කාන්තාවන් 3ක් ද ඊයේ තහවුරු කළ මරණ 155ට අයත්.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 27ක් සහ කාන්තාවන් 14ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ මරණ අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 58ක් සහ කාන්තාවන් 53ක් ද මෙම මරණවලට අයත්.