හිටපු ඇමති මංගල සමරවීරට කොරෝනා

0
Mangala Samaraweera Positive for Covid - හිටපු ඇමති මංගල සමරවීරට කොරෝනා
හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඊයේ සිදු කළ පීසීආර් පරීක්ෂණයකින් අනතුරුවයි ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇත්තේ.

මේවන විට මංගල සමරවීර මහතා රෝහල්ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවනවා.

තමාට වෛරසය ආසාදනය වීම හේතුවෙන් තමන් හමුවීමට පැමිණි අයට නිරෝධායනය වන ලෙසටයි ඔහු දැනුම්දී ඇත්තේ.

මේවන විට හිටපු ඇමතිවරයාගේ නිවසේ කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට ලක්ව සිටිනවා.