ජනපතිගේ ඉල්ලීමට චීන එන්නත අනුමත කළ කතාව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතික්ෂේප කරයි

0
චීන එන්නත අනුමත කළ

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට හදිසි භාවිතය සඳහා චීන එන්නත අනුමත කළ බවට වන ප්‍රකාශය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව එදිනම මෙම චීන එන්නත අනුමත කළ බවට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ දිනයේ සඳහන් කරන ලදී.

එම ප්‍රකාශය ඇතුලත් මාධ්‍ය නිවේදනය – https://newsweb.lk/පළාත්-අතර-සංචරණ-සීමා/

මේ සම්බන්ධයෙන් පුවතක් අද ඩේලි මිරර් පුවත්පත පළ කිරීමෙන් අනතුරුව ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඊමේල් මගින් ඒ පිළිබද කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔවුන් සදහන් කර ඇත්තේ එන්නත් ලයිස්තුගත කිරීම සාමාන්‍ය ක්‍රමවේදය අනුව මාස දෙක තුනක කාලයක් ගතවන බවයි.

සුදුසුකම් ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ වන බවත් ඒ සඳහා යම් කාලයක් ගත වන බවත් ඔවුන් සඳහන් කර තිබේ.

රටවල් වල අභිමතය අනුව චීන එන්නත අනුමත කළ බව කියයි

කෙසේ වෙතත් මෙම සියලුම එන්නත් හදිසි භාවිතයට අවසර ලබා දී ඇත්තේ එම රටවල් වල අභිමතය අනුව මිස ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතියට යටත්ව නොවන බවද ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත.

(https://www.mawratanews.lk/ වෙබ් අඩවිය ඇසුරිනි)