යකා නැටූ මොරටුව නගරාධිපති රිමාන්ඩ් (UPDATE)

1
Samanlal fernando - යකා නැටූ මොරටුව නගරාධිපති රිමාන්ඩ්

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ජූනි 11 වනදා දක්වා රිමාන්ඩ් කර තිබේ.

ඔහුව අද (28) දින මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එලෙස බන්ධනාගාරගත කර ඇත.

මොරටුමුල්ල ප්‍රදේශයේදී එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව, ඔහු අද (28) පෙරවරුවේ ගල්කිස්ස නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට භාරවීමෙන් අනතුරුව ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේය.