චමුදිත CCDයට කැඳවයි!

0
CCD - චමුදිත CCDයට කැඳවයි!

තමනට ජීවිත තර්ජන ඇති බව ද ඔහු මීට දින කිහිපයකට පෙර පොලිස්පතිවරයාට යොමු කරන ලද ලිපියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට අද පස්වරු 3 ට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබේ.

හිරු ටීවී රූපවාහිනී වැඩසටහනකින් පසු තමනට ජීවිත තර්ජන එල්ල වී ඇති බව ඔහු සිය ලිපිය මගින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණ.

මේ අතර තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයද පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට එල්ල වී ඇති මරණ තරණ ගැන පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, තත්ත්වය සලකා බැලීමෙන් පසු ඔහුට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙසත් ඉල්ලිමක් කර ඇත.

චමුදිතට එරෙහිව චන්දිමාල් – පියුමි උසාවි යයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම උසාවියට අපහාස කළ බවත්, පසුගියදා ‘යූ ටියුබ්’ වැඩසටහනකට මුහුණු ආවරණයක් නොපැලඳ සහභාගී වී නිරෝධායන නීති කඩ කළ බවත් සඳහන් කරමින් රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ හා නිරූපිකා පියුමි හංසමාලි විසින් චමුදිත සමරවික්‍රමට එරෙහිව පැමිණිල්ලක් ද ගොනුකර ඇත.