කොරෝනා අස්සේ දරුවන් අතර පූසන්ගෙන් හා බලු පැටවුන්ගෙන් බෝ වන පණු රෝගයකුත් පැතිරෙයි

0
Toxocariasis - කොරෝනා අස්සේ දරුවන් අතර පූසන්ගෙන් හා බලු පැටවුන්ගෙන් බෝ වන පණු රෝගයකුත් පැතිරෙයි
දරුවන් අතරේ මේ දිනවල පූසන්ගෙන් හා බලු පැටවුන්ගෙන් බෝ වන ටොක්සොකාරා (toxocariasis) යනුවෙන් හැඳින්වෙන වට පණු රෝගයක් සුලභව පැතිරෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

දරුවන් මේ දිනවල නිවෙස්වල වැඩි වශයෙන් පූසන් සහ කුඩා බලු පැටවුන් සමග කාලය ගතකරන හෙයින් එම සතුන්ගෙන් මෙම වටපණු රෝගය දරුවන්ට වැළඳෙයි.

දරුවන්ට එම වටපණුවන් ඇතුළුවීමෙන් ඔවුන්ගේ සම මත මුල් අදියර යටතේ පණු ගෙඩි ඇති කරවන බව දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

මෙම වට පණුවන් දරුවන්ගේ ඇස්වලට, මොළයට සහ පෙණහලුවලට ඇතුළුවීමෙන් බරපතළ සංකූලතා ඇති කරනු ලබයි.

නිවෙස්වල සුරතලයට ඇති කරන මෙවැනි සතුන්ට පණු බෙහෙත් ලබාදීමෙන් මෙම රෝගය පාලනය කරගත හැකි බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.