ඊයේ කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ

0
Sri lanka - ඊයේ කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ
ඊයේ (22) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,093ක් වාර්තා වූ අතර ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඊයේ වාර්තා වු ආසාදිතයින් අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි 22ක් ද වන බවය.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 364ක් වාර්තා වී ඇත.

ඊයේ දිනයේ දී ද දිස්ත්‍රික්ක 25 තුළින්ම ආසාදිතයින් වාර්තා වී තිබේ.

ඒ අනුව ආසාදිතයින් 100 ඉක්මවු දිස්ත්‍රික්ක 6ක් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 322ක්, කළුතර 292ක්, මහනුවර 190ක්, නුවරඑළිය 148ක් හා මඩකලපුවෙන් ආසාදිතයින් 136ක් වාර්තා වී තිබේ.

ඊයේ ආසාදිතයින් හඳුනාගත් සෙසු ප්‍රදේශ පහතින් දැක්වේ.