ඊයේ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

1
covid 19 new cases in sri lanka last 24 hours - ඊයේ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

ගත වූ දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එම දිස්ත්‍රික්කයෙන් ඊයේ (28) දිනයේ නව ආසාදිතයින් 512  දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් පමණක් නව ආසාදිතයින් 123 දෙනෙකු හඳුනාගෙන ඇති අතර බණ්ඩාමරගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 56 දෙනෙකු සහ මිල්ලනිය ප්‍රාදේශයෙන් ආසාදිතයින් 53දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2,850 දෙනෙකු වාර්තා වූ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 443 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 281 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 271 දෙනෙකු, නුවර එළිය දිස්ත්‍රික්කයෙන් 191 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 177 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 150 දෙනෙකු ලෙස දිස්ත්‍රික්ක 07ක ඊයේ දෛනික ආසාදිතයින් සියය ඉක්මවා වාර්තා වී තිබුණි.

ඊයේ දිනයේ දී දිස්ත්‍රික්ක 25න් ආසාදිතයින් වාර්තා වු ආකාරය පහතින් දැක්වේ.