ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ

0
covid 19 new cases - ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ

ගතවු දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් ඊයේ (01) නව ආසාදිතයින් 654දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 2,877ක් හඳුනාගත් අතර, ඉන් ආසාදිතයින් 31 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි අය වේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 646ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 281ක් වාර්තා වී තිබේ.

අනෙක් ආසාදිතයින් 1,264 දෙනා සෙසු දිස්ත්‍රික්ක 22 වාර්තා වී තිබේ.

කොළඹ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් අතර වැඩිම පිරිසක් කොළඹ නගර සීමාවෙන් හඳුනාගෙන තිබේ.

ඒ අනුව බොරැල්ලෙන් ආසාදිතයින් 33ක් හා කොටුවෙන් ආසාදිතයින් 26ක් වාර්තා වී තිබේ.

ඊට අමතරව අවිස්සාවේල්ල 21ක්, දෙහිවල 41ක්, හංවැල්ල 26ක්, හෝමාගම 16ක්, කොස්ගම 11ක්, කොට්ටාව 15ක්, මහරගම 14ක්, මීපේ 27ක්, මිරිහාන 17ක්, මෝදර 15ක්, මොරටුව 47ක්, ගල්කිස්සෙන් 92ක්, පාදුක්කෙන් 15ක්, තලංගම 10ක් හා පිළියන්දලින් ආසාදිතයින් 82ක් ලෙස වාර්තා වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් රාගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

ඒ ආසාදිතයින් 59ක් ලෙසය. මීට අමරතව කටුනායකයින් 52ක්, කැලණිය 24ක්, මීරිගම 36ක්, වේයන්ගොඩ 27ක්, වත්තල 39ක්, දිවුලපිටියේ 41ක්, බියගම 23 ක් හා ජා ඇළ 40ක් ලෙස වැඩිවශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, මහනුවර, යාපනය, මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වු බවය.