අද කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 2,716ක් වාර්තා වේ

1
covid new cases - අද කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 2,716ක් වාර්තා වේ
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 543 දෙනෙකු අද (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,716ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 213,377ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,168ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 180,427ක් විය.

මේ අතර, ජූනි මස 14 වන දින තෙක් වාර්තා වන කොවිඩ් දත්ත මත පදනම් ව ඉදිරියේ දී රට තුළ සංචරණ සීමාවන් තවදුරටත් පවත්වන්නේ ද යන තීරණය රජය විසින් ගනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව නවතම තත්ත්වය මෙතනින් බලන්න.