අද කොවිඩ් ආසාදිතයින් 2,715ක්

0
covid 19 new cases - අද කොවිඩ් ආසාදිතයින් 2,715ක්
අද (10) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 573ක් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,715ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 216,111ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,811ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 182,238ක් විය.